Thursday, September 6, 2012

සිංහ ගලට චාරිකාවක්





කැම්පස් වහල දැන් මාස තුනකටත් වැඩියි.හුඟක් අයට මේක නිවාඩු කාලයක් උනාට අපේ බෝඩිමේ අයටනම් එහෙම නැහැ.ලියෝ club එකෙයි Nature Team එකෙයි වැඩ නිසා අපේ අයට ගෙදර යන්නවත් වෙලාවක් නෑ.ඒ නිසාමයි හොඳ නිවාඩුවක් අල්ලලා ට්‍රිප් එකක් යමු කියල කතා උනේ.හැමදාම ට්‍රිප් ගැන මුලින්ම කතා කරන්නේ අජිත් නිසා අජියලයි ගෙදරට ටිකට් එකක් කඩන්න තමයි මේ පාර හිතුවේ.ගිය අවුරුද්දෙත් දෙනියායේ අජිත්ලගේ ගෙදර ඉදන් කැලේට වැදුණු නිසා මේ පාරත් එහෙ ඉදන්ම සිංහරාජ කැලේ තියෙන සිංහ ගල තරණය කරන්න තමයි අපි කතා කරගත්තේ.


මෙදා ගමනට යසේන්ද්‍ර එකතු උනේ නැතත්,චාමික නම් බොහොම "කැමැත්තෙන්ම" ආවා.බෝඩිමේ අයට අමතරව පුබුදුයි,මේකලගේ මල්ලි කෙනෙකුයි මේ ගමනට එකතු උනා.කලින් කතා කරගත්තු විදියට අගෝස්තු 26 වෙනිදා රෑ කට්ටියම අජියලයි ගෙදරට සෙට් උනා.මමයි පුෂ්පෙයි ඊට කලින් ඉදන්ම එහෙ හිටියා.ටිකක් වැස්ස වගේ තිබුනත් සින්දුවක් එහෙම කියල පොඩි ෆන් එකක් ගන්නත් අපි අමතක කලේ නෑ.යන්න තියෙන ගමන ගැනත් පොඩ්ඩක් කතා කරලා රෑ නිදාගන්න ගියා.

27 වෙනිදා උදේ 10 .00 ට විතර අපි ගමන පටන් ගත්තා.අපේ ගමනාන්තය උනේ ලංකාගම ඉස්කෝලේ.රෑට ඉස්කෝලේ නැවතිලා ඊළඟ දවසේ උදේම කැලේට ඇතුල් වෙන්න අපි හිතාගෙන හිටියේ.පැතුම් තමයි අපිට නවතින්න ලංකාගම ඉස්කෝලේ සෙට්කරල දුන්නේ.අහ්හ්හ්..කියන්න අමතක උනානේ,ට්‍රිප් එක යන්න කියලම කලන අලුතින් 60D කැමර් එකක් අරන් තිබුනා.එත් අපරාදේ කියන්න බෑ ඒක බෑග් ඒකෙන් එලියට ගන්නකොටම වහින්න පටන් ගන්නවා.ෆොටෝ ට්කක් ගන්න මාර ගේමක් තමයි දෙන්න උනේ.ඉතින් අපි හෙමින් හෙමින් ලංකාගම ඉස්කෝලෙට සේන්දු වෙනකොට හවස 4.00 විතර ඇති.

ඉතින් ඇඟේ පතේ මහන්සිය යන්නත් එක්ක බ්‍රාහ්මණ ඇල්ලෙන් පැයක් විතර නෑවා.


නාල ඉවර වෙලා රෑටයි උදේටයි  උයන්න කියල ලංකාගම ඉස්කෝලේ ළඟ ගෙදරකට හාල්,පොල් අඩුම කුඩුම ටික අරන් දීලා එනකොට අනිත් සෙට් එක ඉස්කෝලෙන් හොයාගත්තු බැට් බෝල වලින් මැච් එකක් ගහනවා.රෑ වෙලා කියල බැලුවේ නෑ අපිත් සෙට් වෙලා සෙල්ලම් කළා.උදේම නැගිටින්න තියෙන නිසාම
කට්ටිය වැඩි කතාවක් නැතුවම නින්දට වැටුනා.

ඊළඟ දවසේ උදේ 6.00 ට ඉස්කෝලෙන් පිටත් වෙන්න හිටියත් කෑම උයන කෙනාගේ වැඩක් නිසා අපිට 10.00 විතර වෙනකන් බලන් ඉන්න උනා.නිකන් ඉන්න බැරි නිසා උදේ පාන්දර කියල බලන්නේ නැතුව දෙපිල බෙදිලා මැච් දෙක තුනක්ම ගැහුවා.අපි එන්න පරක්කු වුනු නිසා අපි කතා කරගත්තු ගයිඩ් යන්න ගිහින්.ගමන අතාරිමු කියල කට්ටිය කතාවෙද්දී අජියයි,පුෂ්පෙයි ගමේ කෙනෙක්ට කතා කරලා කොහොමහරි ගයිඩ් කෙනෙක් සෙට් කර ගත්තා.

කොහොමින් කොහොම හරි අපි කැලේට ඇතුල් වෙනකොට 11.00 විතර ඇති.ඇතුල්වෙලා වැඩි වෙලා යන්න උනේ නෑ,වහින්න ගත්තා.වහිනකොට තමයි කූඩැල්ලෝ පොඩ්ඩක් හරි අඩු උනේ.උන්ට රජ මගුල් වගේ අපි කැලේට ඇතුල් වුනු වෙලාවේ ඉදන්.එකෙක් ගලවන්න නැවතුනොත් තව 10ක් විතර කකුල දිගේ උඩට නගිනවා.

කොහොම උනත් වැස්ස නිසා ඇඟේ පතේ මහන්සිය නම් ගොඩක්ම අඩු උනා.සිංහගල නගින කොටස තමයි වැඩියෙන්ම අමාරු වෙන්නේ.ගස් ගල් අල්ල අල්ල උඩට නැගල තමයි සිංහගල මුදුනටම යන්න වෙන්නේ.
මුදුනේම තියෙන ගල් තලාවට නගිනකොට දවල් 1 ත් පහු වෙලා.කලනගෙයි,දිනුකගෙයි කකුල් තනිකරම ලේ වලින් පිරිලා.බලන්න බයයි.උඩට නගින කූඩැල්ලෝ ගලවන්නේ නැතුව උඩට නැගපු නිසා තමයි මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ.(දිනුක කියන ඒවා ඇහුවොත් දුක තමයි කලන!!)
ගමනාන්තය..
සිංහගල මුදුනේදී දවල් ආහාරය බඩට දාගත්තු අපි කම්මැලිකමෙන් උනත් පහලට බහින්න පටන් ගත්තා.අන්තිමටම බහින්න සෙට් උනේ අජියයි,මමයි,පුෂ්පෙයි පුබුදුයි.කලින් ගියපු සෙට් එක අපිට බහින්න පාරක් ඉතුරු කරලා තිබුනේ නෑ.සමහරු අඩි 10ක් විතර ලිස්සල ගියපු තැන් අපි දැක්කා.ලිස්සල තියෙන්නේ කවුද කියලා කතා කර කර අලුතින් පාරවල්හදාගෙන තමයි අපි පහලට බැස්සේ.කලිං ගියපු සෙට් එක පරක්කු වෙච්ච අපි එනකන් පහල තිබුණු ගල් ගුහාවක නැවතිලා හිටියා.ඉස්සරහින් පාර දෙපැත්තකට යන නිසා ඔක්කොම හරි පාරේ යන්න තමයි එහෙම කලේ.කොහොම උනත්,කොහොම උනාද දන්නේ නෑ මට පස්සෙන් ආපු පුබුදුයි,පුෂ්පෙයි අපි ගියපු පාර දකින්නේ නැතුව අනිත් පාරට හැරිලා.
අතරමං වෙච්ච දෙන්නා
මමත් ටික වෙලාවක් බැලුවා,ඉස්සරහින් ගියපු අජියත් පෙන්න නෑ.පුෂ්පෙලට කෑගහල මම අජිය හොයන්න දිව්වා.අජියට සීන් එක කිව්වම එයා අර දෙන්නව හොයන්න කැලේ අස්සෙන් දුවගෙන ගියා.හදිස්සියට අජියට පාර පෙනිලා නැතුව අපි ආපු පාර කියල හිතල තමයි පොර කැලේට දුවල තියෙන්නේ. පස්සේ තමයි එයාටත් පාර වැරදුනා කියල දැනගත්තේ.කොහොම හරි මහා වැස්සේ කැලේ මැද මම තනි උනා.ටික වෙලාවකින් අජිය අර දෙන්නව හොයාගන්න බැරුව හදිස්සියෙන් ආවා.
කැලේ ඇතුලෙදි..
ගයිඩ් අයියට කියන්න කියල අජිත් අයිත් වේගෙන්ම ඉස්සරහට දුවගෙන ගියා.මට ඉතින් එච්චර වේගෙන් යන්න බැරි නිසා හෙමින් ආවා.ඉස්සරහින් ගිය කට්ටිය හිතල තියෙන්නේ අපි 4 දෙනාම අතරමං වෙලා කියල.අජිය හම්බුනාම හිතල තියෙන්නේ මම මග තිබුණු ඒ දණ්ඩෙන් වැටිලා කියල.කොහොමහරි අතරමං වෙච්ච දෙන්න වැරදි පාරවල් දෙකකම ගියපු නිසා තමයි ගයිඩ් අයියටත් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ.අපි හූ.. කිව්වම ඒ අයගෙන් ප්‍රතිචාර ලැබුණු දිසාව අනුව හරි පාර හොයාගෙන කියල අපි හිතුවා.මෙ සිද්දිය නිසා ගමන පැයක් විතර පරක්කු උනත් හවස 5.00 විතර වෙනකොට කැලයෙන් එලියට එන්න අපිට පුළුවන් උනා.

ගමනට කලින් කට වරද්දගන්න හොඳ නෑ කියන එකත් මේ ගමනේදී අපිට(චාමිකට) හොදටම පසක් උනා.වචනෙන් විස්තර කරන්න බැරි සමහර දේවල් තමන්ටත් දැනුනු බව ගමන අහවර කලාට පස්සේ කට්ටියගෙන එලි උනා.අතරමං වෙන්න කලින් පුබුදුගේ පස්සේ කෙනෙක් එනවා වගේ දැනෙනවා කියල පුබුදු පුෂ්පෙට කියල තිබුනා.ඒවා කොහොම උනත් රෑ 7 වෙනකොට අපි අජියගේ ගෙදරට ගියා.ඔන්න ඔහොමලු කට්ටිය කාලෙකින් ට්‍රිප් එකක් ගියේ.
සිංහගල මුදුනේ..
මෙන්න ගමනේ වීඩියෝ එක...click here

Sunday, May 27, 2012

යාල්පානමේ රැඳුණු මතකයන්...


මාසෙකින් විතර බ්ලොග් එකට පෝස්ට් එකක් දැම්මේ නෑ.කොහෙද ඉතින් විභාගයක් කියල එකක් තිබුනනේ! ඔක්කොම වැඩ ටික අවුල් උනා.කොහොම උනත් exam පටන් ගන්න මාසෙකටම විතර කලින් ඉදන් අපි ප්ලෑන් කලේ exam එක ඉවර වෙන මැයි 18 වෙනිදා රෑම නකල්ස් කන්ද නගින්න යන්න.ඒ දවස් වලම ගෙනියන්න ඕන බඩු එහෙම එකතු කරල ෆන් එකේ විභාගයත් ලිව්වා.මල කෙළියයි එදා හවසම වාසලගේ සියා නැතිවෙලා.ඉතින් කොහොමෙයි කඳු නගින්නේ,වැඩේ අතැරලා දැම්මා.එත් මටනම්
කොහේ හරි යන්නම ඕන වෙලා  තිබුනේ.ඔය වෙලාවේ තමයි වයිටා මාස ගානක් තිස්සේ ප්ලෑන් කරපු යාපනේ චාරිකාව සෙට් උනේ.යන්න කලින් දවසේ අජිත් වත් කතා කර ගත්තා.



කට්ටිය කොළඹින් පිටත් වෙන්න හිටියේ හවස 4.30 ට, වව්නියාවට යන කොච්ච්යෙන්.ඉතින් මමයි අජියයි උදේම මාතර ඉඳන් කොළඹ ආවා.පරක්කු වෙන්නේ නැතුව ස්ටේෂන් එකටත් ආව කියමුකෝ.කලින් ගමන යන්න එනවා කියපු සමහර අය ඇවිත් නෑ.කලින් යනවා කිව්වේ නැති අපි යාපනේ යන්න සෙට් වෙලා.ඒක ඉතින් ගමනක් යන්න ගියාම සිද්ධ වෙන සාමාන්‍ය දෙයක් නෙ!

කොළඹදී අපේ 13ක් සෙට් උනා.තව 3ක් කුරුනෑගලින් නගිනවා.ඔක්කොම 16යි.වව්නියාවේ බහිනකොට රෑ 11 විතර ඇති.කෝච්චියේදී සෙට්වුනු වව්නියාවේ වැඩ කරන පේරා සිවිල් කරපු අයිය කෙනෙක් අපිව වව්නියාව ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දැම්මා.එතින් රෑට කාලා යාපනේ බස් එකක නැග්ගා.දෙයියනේ කියල යාපනේ(චුන්ඩිකුලයි) ගිහින් බහිනකොට උදේ 2.30 විතර ඇති.එතෙන්දි යාපනේ ඉන්න අපේ කැම්පස් එකේ යාළුවො දෙන්නෙක්  ඇවිත් අපිට නවතින්න ඒ අය සූදානම් කරපු තැනට අපිව එක්කගෙන ගියා.කට්ටිය නාලා එහෙම ඉවර වෙනකොට උදේ 4.00 විතර ඇති.දැන් ඉතින් නිදා ගන්න වෙලාවක් නෑ නෙ!උදේ 6.00 ට අපිට ඇවිදින්න යන්න ඒගොල්ලෝ බස් එකකුත් සෙට් කරලා.කොහොම උනත් ඇඟේ මහන්සිය යන්නත් එක්ක පැයක විතර පොඩි නින්දක් හැමෝම වගේ දැම්මා.උදේ කෑම සූදානම් කරලා තිබුනේ සිවිල් එකේ ලැඩිස් ලගේගෙදර.එහෙන් උදේට බඩ පැලෙනකන් කාලා මුලින්ම අපි ගියේ නාග විහාරෙට.

නාග විහාරේ වන්දනා කරලා අපි යාපනේ පුස්තකාලෙට ගියා.උදේ කට්ටිය එකේ වැඩ කරන නිසා ඇතුලට නම් යන්න බැරි උනා.එළියේ ඉඳල ෆොටෝ එකක් විතරක් ගත්තා.

ඊට පස්සේ අපි ගියේ යාපනේ කොටුව බලන්න.එතන ටික වෙලාවක් ඇවිදලා කට්ටියට ඇති උනාට පස්සේ යාපනේ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට ගොඩ උනා.





කොහොම හරි යාපනේ ඇවිත් යාපනේ කැම්පස් එකටත් අපි ගොඩ උනා.මෙන්න අපේ සුදත්ට මෙඩිකල් ෆැකල්ටි එකේ ප්‍රදර්ශනේ බලන්න යන්න ඕනෑම කියල අඬන්න ගත්තනේ!එත් පෝලිම දැක්කම කට්ටියම වැඩේ ඇත ඇරියා.

එතනින් පස්සේ අපිට දිග ගමනක් යන්න තිබුනා.දවල්ට නාන්න කරෙයිනගර් පැත්තේ ගිහින් එන්න තමයි වැඩසටහන සංවිධානය කරලා තිබුනේ.නාන්න තිබුනේ හැමෝම වගේ දන්නා කැසුරිනා මුහුදු වෙරළේ.කොහොම හරි ගිහින් නාල එහෙම ඉවර කරනකොට දවල් 1.00 ටත් කිට්ටු කරලා.දවල්ට ළඟ කඩේකින් කාලා තව ටිකක් ඇවිදින්න තමයි හැදුවේ.
කරෙයිනගර් යන අතරමඟ

ඊළඟට අපි සංචාරය කලේ කඳුරුගොඩ පුරාණ විහාරයට.එතන රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැම්පත් කරලා හදපු ස්තුප දැකගන්න පුළුවන්.


එතනින් පස්සේ අපි ගියේ පතුලක් හොයාගන්න බැරි නිලාවරයි ලිඳ(Nilavarai Bottomless well) බලන්න.ඒක ගැන පුරාවෘත්ත කිහිපයක්ම මම යාපනේ යාලුවෙක්ගෙන් අහගත්තා.එතනින් පස්සේ මනල්කාඩු වැලි වැටියට (Manalkadu Sand Dunes) දිග ගමනක් ගියා.එතන නම් වචන වලින් විස්තර කරන්න අමාරු තැනක්.ඒක දැනගන්න නම් එතනට ගිහින්ම බලන්න ඕනා.



ඇත්තටම එදා යාපනේ දවසකින් බලන්න පුළුවන් උපරිම දේ බැලුව කියල ලොකු සතුටක් අපේ හිත්වල ඇති උනා.එදා රෑ කෑම සූදානම් කරල තිබුනෙත් යාලුවෙක්ගෙ ගෙදරින්.එහෙදි දවසෙම මහන්සිය නැති වෙන්න සාම්බාරු එක්ක ලොකු පිට්ටු පිඟානක රස බැලුවා.

රාත්‍රී ආහාරයට මොහොතකට පෙර 

බස් එකෙන්ම කලින් දවසේ නැවතුනු තැනට ගිහින් වැඩි සද්දයක් නැතුවම නිදා ගන්න සෙට් උනේ ඊළඟ දවසේ උදේම නාගදීපයට යන්න තිබුණු නිසාමයි.

අපි කලින් දවසේ වගේම උදේම වැඩ ටික ඉවර කරගෙන උදේම නල්ලුර් කෝවිලට ගියා.

නල්ලුර් කෝවිල 

එතැනදී  වතාවත් අහවර උනාට පස්සේ උදේ කෑමට උමාධාරන් ගෙ ගෙදරට සෙට් උනා.අයිත් ඉතින් කෑම ගැන නම් කතා කරන්න දෙයක් නෑ!




එතන ඉඳන් අපි බස් එකේ නයිනතිව් දුපතට යන්න පිටත් උනා.අතර මඟදී බෝට්ටු සේවාවකත් පිහිට ලබා ගන්න ඕනනෙ!එකත් අපිට නියම අද්දැකීමක් උනා.


නාගදීප විහාරයත් වැඳපුදා ගෙන එහෙ හාමුදුරුවන් එක්කත් කතා කරල ආපහු යාපනය බලා එන්න පිටත් උනා.

නාගදීප විහාරයේදී..
 




යාපනේ අපේ යාළුවන් ඊළඟට සූදානම් කරලා තිබුනේ යාපනේ කලපුවේදී අපිට දවල් ආහාරය ලබාදෙන්න.කලපුවට අපි ගියේ CS එකේ ඉන්න සුරේෂ් සෙට් කරපු වෑන් එකකින්.

කලපුවට යන අතරමඟ


එතැනදී අශෝක් එයාගේ තව යාලුවෙක් එක්ක එයාගේ බෝට්ටුවෙන් අපේ දවල් කෑම කෑවා.බෝට්ටුවෙන් ගෙනාව කිව්වට මොකද ඒක රාජකීය කෑමක්.




ඉස්සොයි,දල්ලෝයි,කකුලුවෝයි,බාල්දි 3ක්ම පුරවලා.කකුළුවෝ හොයා හොයා ඉන්න අජියගේ ඇස්වල කඳුළු පිරිලා සතුට වැඩි කමටම.කට්ටිය පාන් කද්දී අජිත් කෑවේ කකුළුවෝ විතරමයි.මම ඉතින් මාළු එහෙම කන්නේ නැති උනත් අරහෙන් මෙහෙන් තවරාගෙන පාන් කෑල්ලකට වැඩේ දුන්නා.කලපුවේ වෙරළ ළඟ මඩ නිසා බෝට්ටුවෙන් ටික දුරක් ගිහින් තමයි අපි වතුරට බැස්සේ.පස්සේ තමයි දැනගත්තේ අපි දහයක් විතර ගියපු බෝට්ටුවේ යන්න දෙන්නේ 2ක් විතරයි කියල.

අශෝකගේ ගෙදරදී


නාල අහවර වෙලා අශෝක්ලගේ ගෙදරත් ගිහින් අපි අපේ නැවතුම්පොලට ගියේ යාපනේ ගෙනාපු අඩුමකුඩුම එකතු කරගෙන ආපහු ගමරට බලා යන්න කියල.කෝච්චිය වව්නියාවෙන් තියෙන්නේ 3.30ට.යාපනෙන් අන්තිම බස් ඒක 10.30ට.ඉතින් අපි අපේ යාපනේ යාලුවොත් එක්කම බස් එකට නඟින තැනට ඇවිත් බස් එකට නැංගේ අනිවාර්යෙන්ම ඔවුන් අපේ දිහාත් එන ලෙස ගිවිස්වාගෙන හා මුව නොසෑහෙන සේ ස්තුති කරමින්.දීර්ඝ නින්දක් සමඟම එක්එක්කෙනා තම තමන්ගේ ගමනාන්තයන්ගෙන්  බැසගද්දී තවත් නොමැකෙන මතකයන් ගොන්නක් තමන්ගේ ජිවිත පිටුවට එක් කරගෙන හමාරය...

නල්ලුර් කෝවිලේදී


ගමනට එක්වුවෝ:
       අජිත්පැතුම්,දිසා,වයිටා,තරිඳු,නලීම්,තීක්ෂණ,අඹේ,හර්ෂ,බබා,චතුරංග,කනිෂ්ක,සුජිත්,සංජිව,සුදත්,මම





Sunday, April 1, 2012

බෝඩිමට ආපු අලුත (2010/07/10)




කැම්පස් එකට ඇවිල්ල සති 3ක් ඉවර උනා විතරයි.ආපු මුල් කාලේ නිසා සිකුරාදා හවස වෙනකොට ඔක්කොම වගේ ගෙවල් වලට යනවා.කැලා නම් බදාදා හවස වෙනකොටම ගෙදර.අපි ඉතින් බොරුවට බය වෙලා කැම්පස් එකේ පුටු රත් කරනවා.එදා බෝඩිමේ පලවෙනි පාරට තමයි සෙනසුරාදා ඉරිදා ගෙදර යන්නේ නැතුව සෙට් එකක් බෝඩිමේ නැවතුනේ.සෙට් එකක් කිව්වට මමයි,අජියයි,පුෂ්පෙයයි විතරයි.ඇවිල්ල කොහෙවත් ඇවිද්දේ නැති නිසා සත්තු වත්ත පැත්තේවත් යමු කියල පුෂ්පේ තමා කිව්වේ.ඉතින් හවස පුෂ්පේ කොට්ටාවේ නන්දලයි ගෙදර ගියා .මමයි අජියයි බෝඩිමේ හිටියා.



උදේම නැගිටලා යන පාරවලුත් හොයාගෙන අජියයි, මමයි පාරට බැස්සා.පුෂ්පෙත් අපිට මගදී සෙට් උනා.ඉතින් උදේ 10.00ට විතර සත්තු වත්තට ගියා.ඒ දවස වල අද ඉන්නවට වඩා සත්තුත් හිටියා.කකුල් රිදෙනකන්ම ඇවිදලා එලියට එනකොට හවස 2.00විතර ඇති.තාම කරුවල වැටිලත් නැති නිසා බෝඩිමට යන්නේ නැතුව ගල්කිස්සේ යමු කියල නම් කිව්වෙ අජිත්.ඔන්න ගල්කිස්ස හන්දියෙන් අපි බැස්සා මූදට යන්න හිතාගෙන.එතන බැස්සට මොකද එතන ඉදන් බීච් එකට යන හැටි කවරුවත්ම දන්නේ නෑ.අපි ඉතින් හැමදාම මූදු හුළඟ වැදිච්ච මිනිස්සු නිසා මූදු තියෙන පැත්ත නහයෙන් පෙන්නන්න පුළුවන්.ඔන්න ඉතින් ගල්කිස්ස හන්දියෙන් හැරිලා අපි මුහුද හොයාගෙන යනවා.ඉස්සරහට හම්බුනේ නැතයි තුන් මං හන්දියක්.පුෂ්පේ කියනවා දකුණට යමු කියල.අජිය කියනවා වමට හැරිලා යමු කියලා.කොහොම හරි අන්තිමේදී අජිත් කියපු විදියට වමට හැරිලා ගියේ.යනවා යනවා ඉවරයක්‌ නෑ.අපිට තේරුනා වටයක් ගහනවා කියලා.(අනිත් පාරෙන් ගියානම් විනාඩි 2යි කියල පස්සේ දැන ගත්තා).මේ පාර වරද්දන පුරුද්ද අජියට උපතින්ම එන හැකියාවක් කියල අපිට තේරුනේ ටික කාලයක් ගියාට පස්සේ.වැරදිලාවත් අජියගෙන් පාරක් ඇහුවොත් ඉතින් දුරම පාර තමයි කියන්නේ.



කොහොමින් කොහොම හරි ගල්කිස්ස මහ හෝටලය ලගින් මුහුදට ආවා.ගෙනාපු බීම කෑන් වගයක් එතනම ඉදන් බිව්වා.හුළඟ සැර වැඩි කමටද මන්දා අජිය බිව්ව වර්ගේ ඌට ඇලජික් උනානෙ.හිටපු ගමන් ,මෙන්න අජියා මුහුදේ ලයිට් දාල තියෙන නැවකට බනිනවා.ලයිට් ඕෆ් කරන්න කියල ගලකුත් ගහන්න හැදුවා.ඒ වෙලාවේ අපි ලගින් පියාඹපු කාක්කෙක්ටත් හොදවයින් ලුණු මිරිස් ඇතුව අහගන්න හම්බුනා.ඌට කියපු කතාවල හැටියට ඌ කෙලින්ම ගිහින් පොල් ගහක අත්තකට මුවා උනා.තව බල්ලොත් නොකන සල්ලි කියල පර්ස් එකත් මුහුදට විසි කරන්න හදල පුෂ්පේ තමයි නවත්ත ගත්තේ.



කරුවලත් වැටිලා නිසා යන්න ලැස්ති උනා.පාරේ යනකොට ගෙදරක ඇති කරන බල්ලෙක් අපිට බිරුවනේ.උගේ වැරදි වෙලාව.අජිත් ෆෝම් වෙලා කියලා ඌ දැනගෙන හිටියේ නෑ.මුලින්ම උගෙ ලගට ගිහින් හොදින් කිව්වා.බල්ලත් කන් දෙක පල්ලෙහාට දාගෙන අහගෙන හිටියා.අයිත් යන්න හැදුව විතරයි මූ බුරන්න ගත්තනේ,දැන් නම් අජිත්ට මල පැනල."බලපන් පුෂ්පේ ඌ අපිට ලොකු ලයින් එකක් නෙ දුන්නේ "කියල අජිය බල්ලට ගහන්නත් ගියා. බොහොම අමාරුවෙන් තමා වලිය බේරුවේ.අජිත්ල කැම්පස් එකේ "බල්ලොත් එක්ක බෑ"නාට්‍යය සංවිධානය කරන්න හේතු උනේ ඔය සිද්දිය කියල තමයි මට හිතෙන්නේ.



බෝඩිමට එනකොට 7.00 විතර ඇති.ආහ්... කියන්න අමතක උනානේ,මම අජියගේ ඔක්කොම කතා රෙකොර්ඩ් කළා.එත් බෝඩිමේ අපි ඒක අහගෙන ඉන්න කොට අජිත් ඇවිල්ල ඔක්කොම ඩිලීට් කළා.දුක තමා.ඒ ටික බෝඩිමේ අනිත් උන් වත් ඇහුවේ නෑ.ඇහුවනම් අව්රුද්දක් හිනා වෙන්න තිබ්බා.


Wednesday, March 7, 2012

පානම්පත්තුවෙන් යාලට


පානම ගමන අහවර කරලා පොතුවිල් වලින් බස් එකට නැග්ගෙ උදේ 11.00 ට.අපිට බස් එකේදී ජර්මන් ඩයල් එකක් සෙට් උනානේ.පොරත් අපි වගේම රට වටේ ඇවිද ඇවිද ඉඳල තියෙන්නේ.මාස 3ක් විතර ඉඳල තව දවස් 2කින් යනවා කියල අපිට කිව්වා.බස් එක කතරගමට යනවා නෙවෙයි විදිනවා.කැලා බස් එකේ ෂීට් එකක්ම බදු අරගෙන හොදටම නිදි.අපි නම් සින්දුවක් කියාගෙන කම්මැලි නැතුව ගියා.බස් එක පැය තුනෙන් කතරගම.අයෙත් පොතුවිල් යනවනම් මේ බස් එකම අල්ලනවා කියල අපි හිතා ගත්තා.


කතරගමින් බැස්සේ හොඳටම බඩගිනි වෙලාවක නිසා තවත් වෙලාව කන්නේ නැතුව කඩේකට ගිහින් හොඳට බඩකට පිරෙන්න කෑවා.ඊළඟට පුෂ්පෙලයි සෙල්ලකතරගම තියන කඩේට ගිහින් ලොකු බිලක්‌ කඩන්න කියල තමයි හිතුවේ.සෙල්ලේ බස් එකකින් කඩේ ලඟම ගිහින් බහිනකොට 3.00 විතර ඇති.මුලින්ම කස්ටිය තමතමන්ගේ ශාරීරික අවශ්‍යතා ඉටු කරගන්න එක තමා කලේ.එතැනදී අපේ මුටාට උන සිද්දිය කාටවත් අමතක වෙන්නේ නෑ.ඒක මෙතැන කිව්වොත් මට බෝඩිමේ ඉන්න වෙන්නෙත් නෑ.සෙල්ලකතරගමටම ගිහින් මැණික් ගඟේ නාන්නේ නැතුව ඉන්නේ කොහොමද?ඉතින් අපි කඩෙන් බදු ටිකත් තියල නාන්න අවා.කොහොමහරි පැයකට වඩා නෑවා.



නෑවට පස්සේ බඩගිනි වෙන එක සාමාන්‍ය මිනිස් ගතියක්ලු.පුෂ්පෙලයි කඩේ ඉදගෙන අපි බඩගින්නේ ඉන්නේ මොකටද?ඉතින් බඩ පිරෙන්න කළු දොදොල් වගේ කෑම වර්ග ගොඩක්ම කෑවා.දැන් මොනවද කියලවත් මතක නෑ.කාලසටහනේ ඊළඟට තිබුනේ සෙල්ලකතරගම දේවාලවලට යන්න.තිස්සමහාරාම යන අන්තිම බස් එක තියෙන්නේ හවස 6.00 ට නිසා අපිට වෙලාව ඇති තරම් තිබුනා.මම කලින් ඒ දේවාලවලට ගිහින් තිබුනේ නෑ.එකකට කි.මි.2ක් විතර පයින් යන්න තිබුනා.

Add caption

ගිහින් ඇවිත් පුෂ්පෙලයි මාමලගෙ කඩෙන් පලතුරුත් කෑවා.තිස්සමහාරාමේ රෑ නවතින්න හිටියෙ මුතු ගෙ ගෙදර.පුෂ්පෙගෙයි,චාමිකගෙයි හොද යාලුවෙක් තමයි මුතූ කියන්නේ.දැන් නැවක වැඩ කරන්නෙ.අපි තිස්ස ගිහින් බැස්සම මුතූ වාහනෙන් ඇවිත් අපිව ගෙදරට එක්කගෙන ගියා.එහෙන් රෑට කාලා ගිනිමැලයක් ගහගෙන සින්දු කියල හොඳ ෆන් එකකුත් ගත්තා.




ගිනි මැලේට මහ රෑ දර එකතු කරලා ඉවර උනාට පස්සේ තමා ඒවා අස්සේ ඉන්න තිබුණු සර්පයො ගැන මතක උනේ.අපේ වෙලාව හොඳ නිසා තාමත් යහතින් ඉන්නවා.ඇවිදලා තිබුණු මහන්සියි,ඊළඟ දවසේ උදේම යාල යන්න තිබුණු නිසයි අපි කලින්ම නිදා ගත්තා.

මුතූ යාලේ යන්න අඳුරන කෙනෙක්ගේ වාහනයක් සෙට් කරලා තිබුනා.උදෙන්ම නොගියොත් සත්තු වැඩි හරියක් දකින්න වෙන්නේ නැති නිසා 7.00 ට විතර යන්න තමයි අපි අදහස් කරගෙන හිටියේ.යාල ප්‍රදාන ගේට්ටුවෙන් ඇතුලට යනකොට 8.00ට විතර ඇති.


අපිත් එක්ක ගියපු ගයිඩ් නැත්නම් ගියපු ගමනෙනුත් වැඩක නැති වෙනවා.මුලදීම අලියෙක් වැවක් මැද ඉන්නවා දැක්කා.අපි ගියා පරක්කු වැඩි නිසාමද දන්නේ නෑ,එක දිවියෙක් වත් දැක්කේ නෑ.කුරුල්ලෝ නම් වර්ග ගොඩක් දැක්කා.එත් ඒ කාලේ ඒ ගැන මට කිසිම උනන්දුවක් තිබුනේ නැති නිසා ඇහැ කොනකින් වත් කුරුල්ලෝ දිහා බැලුවේ නෑ.(දැන් නම් කුරුල්ලෙක් මගේ ලගින් ගියොත් මගේ ඔක්කොම වැඩ අවුල් වෙනවා,කොටින්ම ඉන්න තැනත් අමතක වෙනවා.)

Darter/Spot-billed Pelican/Painted strok/Black-naked strok/Green-Bee eater/Brahmini kite
(Clockwise)

කිඹුල්ලු දැක්කෙත් 2ක්,3ක් විතර තමයි.මුලදීම අපේ වාහනේ හරහා පැන්නේ වල් ඌරෙක්‌.යාලේ පඳුරකට ගලක් ගැහුවත් වල් ඌරෝ 5ක්,6ක් විසි වෙන තරමට උන් ඉන්නවා.මුලින්ම මුවෙක් දැක්කම මාර සතුටක් ඇති උනේ.එත පස්සේ පස්සේ හැම තැනම මුවෝ රංචු.දැන් අපේ කට්ටිය මුවෙක් දැක්කත් ගණන ගන්නේ නෑ.

ඔන්න ඔය වෙලාවේ අපේ ගයිඩ්ට කෝල් එකක් එනවා ඇතෙක් ඉන්න තැනක් කියලා.අපිටත් මාර ෆිට්.ඔන්න ඇතා හිටපු තැනට අපි කිට්ටු කළා.උගේ නම short tusker කියල අපි දැනගත්තා.ඌ යාල පැත්තේ ප්‍රසිද්ද ඇතෙක්.

Short Tusker
දැන් 12ටත් කිට්ටු කරලා නිසා යාලෙන් පිටත් වෙන්න සූදානම් උනා.කොහොමහරි මුතූලගේ ගෙදරට එනකොට 1.00ට විතර ඇති.අපේ සවාරිය ඉවර කරලා ගෙවල් වල යන්න තමා දැන් සූදානම.අපේ union ඒකෙන් කරන පොසොන් බත් දන්සලේ වැඩ ඊළඟ සතියේ තිබුණු නිසා මම කැම්පස් එකට යන්න සූදානම් උනා.ඉතින් මුතූලගේ ගෙදර ඉදන් පාරේ ගියපු ටිපර් එකක නැගල තිස්සට ආවා.එකත්අමතක කරන්න බැරි අද්දැකීමක්.මමයි,තනියයි මොරටු එනකොට පුෂ්පේ තිස්සේ නැවතුනා.අනිත් අය මාතර ගියා.ඔන්න ඔහොමයි ඒ ස්ට්‍රයික් එකේ ගියපු එක චාරිකාවක් ඉවර උනේ...


මැණික් ගඟ











යාලේ ගියපු සෙට් එක