බෝඩිම




civil එකේ කොල්ලෙක්.දැක්කම නම් මාර අහිංසක පාටක් පේන්නේ.අපිනේ කොල්ල කව්ද කියල දන්නේ.බෝඩිමේ බුදු පහන තියන්නේ මෙයා තමා.හැමදාම බුදුන් වැදලා නිදා ගන්න යන්නෙත්.අපි මොනවා
කරන්න ගත්තත් බණ කියන එක තමා මෙයාගෙ පුරුද්ද..අද වහිවී කියල කිව්වොත් කාන්තාරෙකට හරි වැස්ස ඇති කරවන්න පුළුවන් හරි පුදුමාකාර බලයක් මූට තියෙනවා.ඒ නිසා ක්‍රිකට් මැච් එකක් යනවා නම්
කව්රුවත් මෙයාගෙන් අදහස් ගන්න යන්නේ නෑ.ගෙවල් තියෙන්නේ ගන්දර.ඉස්කෝලෙ මාතර සෙන්තෝමස්.කොල්ලෙක්ගේ දුකකදී කරදරයකදී අනිවා පිහිට වෙන ඩයල් එකක්.මට ඉතින් කොන්දේ අමාරුවකදි සිද්ධාලේප ටිකක් හරි අතුල්ලන්න ඉන්නේ කැලා තමයි.බෝඩිමේ කොල්ලන්ට දෙමල ෆිල්ම් බලන්න පුරුදු කරන්න ලොකු කාර්යබාරයක් ඉටු කළා.(විශේෂයෙන් තමන්නා ගේ ෆිල්ම්)



මෙයත් civil කරන්නේ.මගේ අල්ලපු ඇදේ ඉන්නේ මේකා තමයි.ක්‍රිකට් කිව්වොතින් පිස්සු වගේ.පරණ මැච් එකක කොමෙන්ට්‍රිය දෙයි මැච් එක බලා ගෙන ඉන්නව වගේ.ඇයි,මූට ලෝකසිතියම කටපාඩම්.ඇමෙරිකාවේ පාරක නමක් උනත් දන්නවා.ගෙවල් තියෙන්නේ හම්බේගමුවෙ.ඇහුවම කියන්නේ හක්මණ නැත්නම් තණමල්විල කියල.ඇයිද කියල නම් මම දන්නේ නෑ.මෙයාගේ ගෙදර ඉස්සරහින් අපූරු
ගංගාවක් ගලනවා.අපි ගෙවල් පැත්තේ එනවා කිව්වම ඒ ගග උතුරලා ගෙදරට යන පාර යටවෙනවා බස් එකකටවත් යන්න බැරි වෙන්නම.හැබැයි වහින්නේ හත අව්රුද්දකින්.මේ දවස් වල ලොකු වැඩකට ඇත ගහල ඉන්නේ.ඒ නිසා දවල් 12 වෙනකොට කැන්ටින් එකට දුවනවා.ඉස්කෝලේ සනත් ජයසූරියගේ එකමයි.මාතර සර්වේශස් විදයාලය.ඇගෙන් පොඩි උනාට වැඩ කාරයා.දැන් එල්ලෙත් ගහනවනේ!


ප්‍රමෝද් කිව්වට නම් මෙහෙ කව්රුවත් මෙයාව දන්නේ නෑ.තනියා කිව්වොත් ඕන එකෙක් දන්නවා.මල්ටි මීඩියා පොරක්.කැම්පස් එකේ වීඩියෝ එකක්,උත්සවයක ෆොටෝ ගහන්න,ආරාධනා පත්‍රයක්,පෝස්ටර්
එකක් හදා ගන්න ඕන උදව්වක් මෙයා දෙනවා.හැබැයි,ඒවායේ යටින් The Brown Eye කියල මෙයාගේ පොඩි ඇඩ් පාරකුත් දානවා.ලගදි තනියෙන් ඇල්බම් එකකුත් කළා කියනවනේ...ඇල්බම් කිව්වේ
පොටෝ ඇල්බම් එකක්.ඇයි,චාමිකයවත් දාගෙන වීඩියෝ එකකුත් කලානේ!නොකඩවා හරහට උස යන එක තමයි විශේෂත්වය.අවරුදු 2,3ක පොටෝ ටිකක් අරන් අවරුදු ටික අනිත් පැත්තට යන විදියට සෙට්
කළා නම් එක්සසයිස් මැෂින් එකක ඇඩ් එකකට ලස්සනට දාන්න තිබුනා.ඉස්කෝලේ මාතර රාහුල විද්‍යලය.ගෙවල් තියෙන්නේ දෙනියායේ.මෙයත් ඉතින් civil තමයි.




අපේ බෝඩිමේ cs(computer science)කොල්ලෙකුට ඉන්නේ මූ විතරමයි.කොයි වෙලාවේ බැලුවත් ලැප් එක ඉස්සරහමයි.ගෙවල් තියෙන්නේ තිස්ස මහාරාමයේ.ඉස්කෝලේ ගියේ මාතර සෙන්තෝමස් එකට.කැම්පස් එකේ ඕන කෙල්ලෙක් අපේ එකා ගැන දන්නවා.මෙයා ගැන අදුරගන්න පොඩි සිද්දියක් යන්නම්.කොල්ලගේ ගෙදර තිබුනේ මුහුද අද්දර.ඔන්න මහ රෑ සුනාමි එනවා කියල පණිවිඩයක් එනවා.අම්මල,තාත්තල හදිස්සියකට ගන්න බඩු ටික පැක්‌ කරනවලු.මෙයත් ඉතින් ලැප් එක එහෙම අල්මාරියක් උඩින් තියල බෑග් එකක් අරගෙන ආවලු.බෑග් එකේ තිබුනේ පනාවයි,ජෙල් පැකට් ටිකයි විතරලු.අව්ලක් නෑ,කැම්පස් ඇවිත් මියුසික් වීඩියෝ එකකට එහෙමත් පෙනී හිටියා.හැබැයි අධ්‍යක්ෂනය කලේ බෝඩිමේ එකෙක්මයි.(The Brown Eye තනියා.....)





textile department එකේ අපේ බෝඩිමේ ඉන්න එකම කෙනා මෙයා තමා.බෝඩිම ඇතුලෙදි අපිට මාර සද්දයක් දානවා.හැබැයි,එලියට ගියාම පුසා වගෙයි කියල අනිත් අය කියන්නේ.දවසම උනත් නිදා ගන්න පුළුවන්.කකුල් දෙක උස්සගෙන නිදා ගන්න එක තමයි මෙයාගේ පහසුම ඉරියව්ව.බැච් එකේ 3 වගේ තමයි හිටියේ.එත් දැන් ඇක ගැන හිතනවට වඩා හිතන්න දේවල් මූට තියෙනවා.කොහොම උනත් මැත කුප්පියක් එහෙම දාගන්න නියම බඩුව.මෙයත් ක්‍රිකට් පිස්සෙක්.හැබැයි වැඩිය පිට්ටේනියට බහින්නේ නෑ.කාලෙකට කලින් ගහපු 6 පාරවල් ගැන තාම "දොඩවනවා".මෙයත් මාතර සර්වේශස් විදයාලයට ගියේ.අපේ තට්ටු දෙකේ ඇදේ මට උඩින් ඇදේ තමයි ඉන්නේ.ගෙවල් කැකනදුර.කතාවට කියන්නේ මාතර ඉදන් පයින් යන දුර කියල.හැබැයි කි.මි.6 ක්ලු.




බෝඩිමේ උනාට පුස්තකාලේ තමයි වැඩි වෙලාවක් ඉන්නේ.රෑට නිදා ගන්නව කියල දෙයක් තියෙන නිසා බෝඩිමට එන්න වෙනවා.කැම්පස් අපු ගමන් ගම්පහට මෙයාගේ නාස් ලනුව භාර දුන්නා.එයත් එක්කම
තමයි පුස්තකාලේ ඉන්නේ.සෑහෙන දැනුම් තේරුම් තියෙන කෙනෙක් වගේ තමා කතා කරන්නේ.මෙතැනදී තමයි අපි වැඩිපුර පරිස්සම් වෙන්න ඕන.civil සෙට් එකට යසේ මාර හයියක්.මොකද ඔක්කොම
කොස්වර්ක් අපි කොපි ගහන්නේ යසේගෙන්.ඕනෑම දෙයක් මවල පෙන්වීමේ අති විශිෂ්ඨ හැකියාවක්ද තියෙනවා.මාතර රාහුල විද්‍යාලයේ ඉගෙන ගත්තේ.ගෙවල් තියෙන්නේ බෙලිඅත්තේ.කොහොම උනත් අපේ වැඩක් නම් ඉවර වෙනකන්ම උදව් දෙන ඩයල් එකක්.




ෆොටෝ ඒකෙන් මෙයා ගැන වැරදි වැටහීමක් ගන්න එපා.පුෂ්පේ කිව්වම කැම්පස් එකේ දන්නේ නැති එකෙක් නෑ.අපි මොකෑ ඊළගට කරන්නේ කියල "කොල්ලෝ" පුෂ්පෙගේ පස්සෙන්මයි.පුෂ්පේ mechanical එකේ.මෙයා ඉන්නේ සෙල්ලකතරගම කිව්වට ඉක්කපල්ලමේ.එක සිතියමේ තියෙනවද කියල නම් මම දන්නේ නෑ.පුෂ්පෙයි චාමිකයි මාතරදී ඔක්කොම වැඩ කලේ එකට.දෙන්නම A/Lගොඩ දැම්මෙත් එකටමයි.මාර මීටරයක් .අලියා ඌට කරන්න පුළුවන් දේ දන්නේ නෑ වගේ මේකත් තමන්ට කරන්න පුළුවන් දේ දන්නේ නෑ.මර කම්මැලියා..ඉස්කෝලෙ ගියේ සෙන්තෝමස් එකටමයි.ගිය අව්රුද්දෙ (2011)නොවැම්බර් විතර වෙනකන් සිකුරා හතේ හිටියේ.එත් අව්රුද්ද මුලදීම මේ කපුටා ගිහින් තැබිලි ගෙඩියක වහුවනේ.අනේ පව් කියලත් හිතෙනවා.මම කිව්වේ අපේ එකා ගැන.දැන් තටු කපපු පරවියෙක් වගේ.එත් තාම පපුව ඉස්සරහට දා ගෙන තමා පාරේ යන්නේ.




බෝඩිමේ ඉන්න අහිංසකම කොල්ල කිව්වොත් මම වැරදයි.මොකද මමනේ අහිංසකම කෙනා....ඇත්තටම අපි කලනට තඩි කියල කිව්වට එයා පොඩියි.අවුරුදු බර ගානකට කලින් තමයි තඩිය වගේ ඉදල
තියෙන්නේ.ඕනෑම වැඩක් බෑ නොකියා කරනවා.බෝඩිමට ආපු කාලේ නම් අපි බැන්නොත් ඇස් දෙකට කදුළු පුරෝගෙන දුකෙන් ඉන්නවා.එත් දැන්,අපි බනින්න කට අරියොත් අපිට හිනා වෙලා පන යනකන්ම මූ
අපිට බනිනවා.බනිනකොට හිනාවෙන එක විශේෂයි..කලබලෙන් වැඩක් කරන්න ගියොත් ඔක්කොම පටලව ගන්නවා.කඩේක කෑම ඕඩර් කරන්න ගියත් ඔක්කොම පටලවනවා.ලගදිත් කලබලේට රු.1000ක්
නැතිකර ගත්තා.බෝඩිමට එනකොටම නාස් ලනුවක් දාගෙන අවේ.බෝඩිමෙන් යන්නේ රැවුල එහෙම වවල,ඩයල් එකක් වගේ.එත් මොකද දන්නේ නෑ ගෙදර ගීහින් එන්නේ නම් රැවුල කපල,කොන්ඩේ පැත්තෙන් බෙදල.මාතර සර්වේශස් ගීයපු කොල්ලෙක්.දික්වැල්ලේ ගෙවල් තියෙන්නේ.mechanical එකේ පුෂ්පෙගේ තනියට ඉන්නේ මූ තමා.



බෝඩිමේ  වැඩිපුරම කතා හැදෙන්නේ අජිත්ට.සිංහරාජය මායිමේ ගෙවල් තියෙන අජිත්, ගම අහුවොත් දෙනියාය කියල කියන්න දෙපාරක් හිතන්නේ නෑ.එත් දෙනියායේ ඉදන් උන්ගේ ගෙවල් පැත්තට වාහන
යන්නේ වයිපර් දෙකට කැති දෙකක් ගහගෙන කියල තමයි කතාවට කියන්නේ.ඇත්තටම ගෙවල් තියෙන්නේ පල්ලේගම.අපි ගෙදර ගීයාම ඒ කන්දත් අපේ,මේ කන්දත් අපේ කියල අජිත් අපිට පෙන්වනවා.තව...අජියා කෙල්ලෙක් ගැන හිතුවොත් අනිවාර්ය්‍යයෙන් එකී වෙන කොල්ලෙක්ට සෙට් වෙනවා.හරියට good luck chuck ෆිල්ම් එකේ වගේ.විරහ ගීත තමයි වැඩිපුර අහන්නේ.ට්‍රිප් එකක් නම් ඕගනයිස් කරන්න නියම කොල්ලා.ලංකාවේ පාරවල් කටපාඩම්.ඒ වගේම තමයි මාරු ගිරවෙක්.ප්‍රශ්නේ අංකෙ කිව්වම උත්තරේ කියන්න පුළුවන්.අයියල සෑහෙන ගානක් අදුරනවා.ඒ නිසා අපිටත් වාසියි.මෙයත් ඉතින් civil තමයි.ඒ වගේම මාතර රාහුලේ කොල්ලෙක්.

1 comment: