Sunday, May 27, 2012

යාල්පානමේ රැඳුණු මතකයන්...


මාසෙකින් විතර බ්ලොග් එකට පෝස්ට් එකක් දැම්මේ නෑ.කොහෙද ඉතින් විභාගයක් කියල එකක් තිබුනනේ! ඔක්කොම වැඩ ටික අවුල් උනා.කොහොම උනත් exam පටන් ගන්න මාසෙකටම විතර කලින් ඉදන් අපි ප්ලෑන් කලේ exam එක ඉවර වෙන මැයි 18 වෙනිදා රෑම නකල්ස් කන්ද නගින්න යන්න.ඒ දවස් වලම ගෙනියන්න ඕන බඩු එහෙම එකතු කරල ෆන් එකේ විභාගයත් ලිව්වා.මල කෙළියයි එදා හවසම වාසලගේ සියා නැතිවෙලා.ඉතින් කොහොමෙයි කඳු නගින්නේ,වැඩේ අතැරලා දැම්මා.එත් මටනම්
කොහේ හරි යන්නම ඕන වෙලා  තිබුනේ.ඔය වෙලාවේ තමයි වයිටා මාස ගානක් තිස්සේ ප්ලෑන් කරපු යාපනේ චාරිකාව සෙට් උනේ.යන්න කලින් දවසේ අජිත් වත් කතා කර ගත්තා.



කට්ටිය කොළඹින් පිටත් වෙන්න හිටියේ හවස 4.30 ට, වව්නියාවට යන කොච්ච්යෙන්.ඉතින් මමයි අජියයි උදේම මාතර ඉඳන් කොළඹ ආවා.පරක්කු වෙන්නේ නැතුව ස්ටේෂන් එකටත් ආව කියමුකෝ.කලින් ගමන යන්න එනවා කියපු සමහර අය ඇවිත් නෑ.කලින් යනවා කිව්වේ නැති අපි යාපනේ යන්න සෙට් වෙලා.ඒක ඉතින් ගමනක් යන්න ගියාම සිද්ධ වෙන සාමාන්‍ය දෙයක් නෙ!

කොළඹදී අපේ 13ක් සෙට් උනා.තව 3ක් කුරුනෑගලින් නගිනවා.ඔක්කොම 16යි.වව්නියාවේ බහිනකොට රෑ 11 විතර ඇති.කෝච්චියේදී සෙට්වුනු වව්නියාවේ වැඩ කරන පේරා සිවිල් කරපු අයිය කෙනෙක් අපිව වව්නියාව ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දැම්මා.එතින් රෑට කාලා යාපනේ බස් එකක නැග්ගා.දෙයියනේ කියල යාපනේ(චුන්ඩිකුලයි) ගිහින් බහිනකොට උදේ 2.30 විතර ඇති.එතෙන්දි යාපනේ ඉන්න අපේ කැම්පස් එකේ යාළුවො දෙන්නෙක්  ඇවිත් අපිට නවතින්න ඒ අය සූදානම් කරපු තැනට අපිව එක්කගෙන ගියා.කට්ටිය නාලා එහෙම ඉවර වෙනකොට උදේ 4.00 විතර ඇති.දැන් ඉතින් නිදා ගන්න වෙලාවක් නෑ නෙ!උදේ 6.00 ට අපිට ඇවිදින්න යන්න ඒගොල්ලෝ බස් එකකුත් සෙට් කරලා.කොහොම උනත් ඇඟේ මහන්සිය යන්නත් එක්ක පැයක විතර පොඩි නින්දක් හැමෝම වගේ දැම්මා.උදේ කෑම සූදානම් කරලා තිබුනේ සිවිල් එකේ ලැඩිස් ලගේගෙදර.එහෙන් උදේට බඩ පැලෙනකන් කාලා මුලින්ම අපි ගියේ නාග විහාරෙට.

නාග විහාරේ වන්දනා කරලා අපි යාපනේ පුස්තකාලෙට ගියා.උදේ කට්ටිය එකේ වැඩ කරන නිසා ඇතුලට නම් යන්න බැරි උනා.එළියේ ඉඳල ෆොටෝ එකක් විතරක් ගත්තා.

ඊට පස්සේ අපි ගියේ යාපනේ කොටුව බලන්න.එතන ටික වෙලාවක් ඇවිදලා කට්ටියට ඇති උනාට පස්සේ යාපනේ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට ගොඩ උනා.





කොහොම හරි යාපනේ ඇවිත් යාපනේ කැම්පස් එකටත් අපි ගොඩ උනා.මෙන්න අපේ සුදත්ට මෙඩිකල් ෆැකල්ටි එකේ ප්‍රදර්ශනේ බලන්න යන්න ඕනෑම කියල අඬන්න ගත්තනේ!එත් පෝලිම දැක්කම කට්ටියම වැඩේ ඇත ඇරියා.

එතනින් පස්සේ අපිට දිග ගමනක් යන්න තිබුනා.දවල්ට නාන්න කරෙයිනගර් පැත්තේ ගිහින් එන්න තමයි වැඩසටහන සංවිධානය කරලා තිබුනේ.නාන්න තිබුනේ හැමෝම වගේ දන්නා කැසුරිනා මුහුදු වෙරළේ.කොහොම හරි ගිහින් නාල එහෙම ඉවර කරනකොට දවල් 1.00 ටත් කිට්ටු කරලා.දවල්ට ළඟ කඩේකින් කාලා තව ටිකක් ඇවිදින්න තමයි හැදුවේ.
කරෙයිනගර් යන අතරමඟ

ඊළඟට අපි සංචාරය කලේ කඳුරුගොඩ පුරාණ විහාරයට.එතන රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැම්පත් කරලා හදපු ස්තුප දැකගන්න පුළුවන්.


එතනින් පස්සේ අපි ගියේ පතුලක් හොයාගන්න බැරි නිලාවරයි ලිඳ(Nilavarai Bottomless well) බලන්න.ඒක ගැන පුරාවෘත්ත කිහිපයක්ම මම යාපනේ යාලුවෙක්ගෙන් අහගත්තා.එතනින් පස්සේ මනල්කාඩු වැලි වැටියට (Manalkadu Sand Dunes) දිග ගමනක් ගියා.එතන නම් වචන වලින් විස්තර කරන්න අමාරු තැනක්.ඒක දැනගන්න නම් එතනට ගිහින්ම බලන්න ඕනා.



ඇත්තටම එදා යාපනේ දවසකින් බලන්න පුළුවන් උපරිම දේ බැලුව කියල ලොකු සතුටක් අපේ හිත්වල ඇති උනා.එදා රෑ කෑම සූදානම් කරල තිබුනෙත් යාලුවෙක්ගෙ ගෙදරින්.එහෙදි දවසෙම මහන්සිය නැති වෙන්න සාම්බාරු එක්ක ලොකු පිට්ටු පිඟානක රස බැලුවා.

රාත්‍රී ආහාරයට මොහොතකට පෙර 

බස් එකෙන්ම කලින් දවසේ නැවතුනු තැනට ගිහින් වැඩි සද්දයක් නැතුවම නිදා ගන්න සෙට් උනේ ඊළඟ දවසේ උදේම නාගදීපයට යන්න තිබුණු නිසාමයි.

අපි කලින් දවසේ වගේම උදේම වැඩ ටික ඉවර කරගෙන උදේම නල්ලුර් කෝවිලට ගියා.

නල්ලුර් කෝවිල 

එතැනදී  වතාවත් අහවර උනාට පස්සේ උදේ කෑමට උමාධාරන් ගෙ ගෙදරට සෙට් උනා.අයිත් ඉතින් කෑම ගැන නම් කතා කරන්න දෙයක් නෑ!




එතන ඉඳන් අපි බස් එකේ නයිනතිව් දුපතට යන්න පිටත් උනා.අතර මඟදී බෝට්ටු සේවාවකත් පිහිට ලබා ගන්න ඕනනෙ!එකත් අපිට නියම අද්දැකීමක් උනා.


නාගදීප විහාරයත් වැඳපුදා ගෙන එහෙ හාමුදුරුවන් එක්කත් කතා කරල ආපහු යාපනය බලා එන්න පිටත් උනා.

නාගදීප විහාරයේදී..
 




යාපනේ අපේ යාළුවන් ඊළඟට සූදානම් කරලා තිබුනේ යාපනේ කලපුවේදී අපිට දවල් ආහාරය ලබාදෙන්න.කලපුවට අපි ගියේ CS එකේ ඉන්න සුරේෂ් සෙට් කරපු වෑන් එකකින්.

කලපුවට යන අතරමඟ


එතැනදී අශෝක් එයාගේ තව යාලුවෙක් එක්ක එයාගේ බෝට්ටුවෙන් අපේ දවල් කෑම කෑවා.බෝට්ටුවෙන් ගෙනාව කිව්වට මොකද ඒක රාජකීය කෑමක්.




ඉස්සොයි,දල්ලෝයි,කකුලුවෝයි,බාල්දි 3ක්ම පුරවලා.කකුළුවෝ හොයා හොයා ඉන්න අජියගේ ඇස්වල කඳුළු පිරිලා සතුට වැඩි කමටම.කට්ටිය පාන් කද්දී අජිත් කෑවේ කකුළුවෝ විතරමයි.මම ඉතින් මාළු එහෙම කන්නේ නැති උනත් අරහෙන් මෙහෙන් තවරාගෙන පාන් කෑල්ලකට වැඩේ දුන්නා.කලපුවේ වෙරළ ළඟ මඩ නිසා බෝට්ටුවෙන් ටික දුරක් ගිහින් තමයි අපි වතුරට බැස්සේ.පස්සේ තමයි දැනගත්තේ අපි දහයක් විතර ගියපු බෝට්ටුවේ යන්න දෙන්නේ 2ක් විතරයි කියල.

අශෝකගේ ගෙදරදී


නාල අහවර වෙලා අශෝක්ලගේ ගෙදරත් ගිහින් අපි අපේ නැවතුම්පොලට ගියේ යාපනේ ගෙනාපු අඩුමකුඩුම එකතු කරගෙන ආපහු ගමරට බලා යන්න කියල.කෝච්චිය වව්නියාවෙන් තියෙන්නේ 3.30ට.යාපනෙන් අන්තිම බස් ඒක 10.30ට.ඉතින් අපි අපේ යාපනේ යාලුවොත් එක්කම බස් එකට නඟින තැනට ඇවිත් බස් එකට නැංගේ අනිවාර්යෙන්ම ඔවුන් අපේ දිහාත් එන ලෙස ගිවිස්වාගෙන හා මුව නොසෑහෙන සේ ස්තුති කරමින්.දීර්ඝ නින්දක් සමඟම එක්එක්කෙනා තම තමන්ගේ ගමනාන්තයන්ගෙන්  බැසගද්දී තවත් නොමැකෙන මතකයන් ගොන්නක් තමන්ගේ ජිවිත පිටුවට එක් කරගෙන හමාරය...

නල්ලුර් කෝවිලේදී


ගමනට එක්වුවෝ:
       අජිත්පැතුම්,දිසා,වයිටා,තරිඳු,නලීම්,තීක්ෂණ,අඹේ,හර්ෂ,බබා,චතුරංග,කනිෂ්ක,සුජිත්,සංජිව,සුදත්,මම





8 comments: