Tuesday, March 6, 2012

පානම්පත්තුවට සවාරියක්


අපේ මේ චාරිකාවත් පටන් ගත්තේ කැම්පස් එකේ සර්ල කරපු ස්ට්‍රයික් එකේදී ලැබුණු නිවාඩු කාලේදී(2011.06.08 ඉඳල දවස් තුනක ට්‍රිප් එකක්).යන්න අදහස දැම්මේ පුෂ්පේ තමයි.පුෂ්පෙලගේ මාමා කෙනෙක් පානම ඉන්නවා.දවසක් දෙකක් එහෙ නැවතිලා ඉදල එමු කියල තමයි අපෙත් අදහස තිබුනේ.ඔන්න අපි යන්න දවසත් සෙට් කර ගත්තා.දිනුකයි,අජියයි,කලනයයි,හිටියේ මාතර.අනිත් සෙට් ඒක හිටියේ බෝඩිමේ.චාමිකලට ස්ට්‍රයික් නැති නිසා නිවාඩු නෑ.දුක තමයි ඉතින්.කොහෙද යසේන්ද්‍රයත් එන්න බෑ කිව්වනේ.බෝඩිමේ ඉදන් යන්න ඉතුරු උනේ පුෂ්පෙයි,වාසලයි,මුටයි,තනියයි,මමයි විතරයි.

මාතරින් එන සෙට් එකයි,බෝඩිමේ සෙට් එකයි මොනරාගලදී සෙට් වෙන්න කතා වෙලා තිබුනේ.අපි ඉතින් බෝඩිමේ ඉදලා උදේ පාන්දරම කොටුවට ගියා මොණරාගල යන බස් එකක් අල්ල ගන්න.උදේ 5.00 විතර ඇති අපි කොටුවෙන් බස් එකට නගින කොට.පුෂ්පෙගේ බොංගෝ එකත් අරගෙන ගියපු නිසා සින්දුවක් කියාගෙනම බස් එකේ ගියා,වෙලාව යනවා දැනුනෙත් නෑ.උදේට කන්න තණමල්විල නැවත්තුවා.එතකොට මාතරින් ආපු සෙට් එකත් ඉදලා තියෙන්නේ එතනමයි.කොහොමහරි අපිට කලින් උන් මොනරාගලට ගිහින් තිබුනා.එහෙදි අපි සෙට් වෙන කොට 12.00 විතර ඇති.දවල්ටත් එතන කඩේකින්ම කාලා,පානම යන බස්‌ එකට නැග්ගා.පානම ටවුන් එකට යනකොට හවස 3.00 විතර වෙලා.අපි එහෙ බහින කොට පුෂ්පෙලයි මාමා වාහනයක් අරගෙන ඇවිත් තිබුනා.ඒකෙන් අපි මාමලාගේ ගෙදරට කෙලින්ම ගියා.

මාමලාගේ ගෙදර වත්තේ ඉස්සරහම ආඩියා ළිදක්.මමනම් කලින් එකක් දැකල තිබුනේ නෑ.අගේ පතේ මහන්සිය යන්නත් එක්ක අපි ළිදෙන්  නාගන්න හැදුවේ.එත් පානම කලපුවට පයින් යන දුර කිව්වම ළිදෙන් නාන ඒක විහිළුවක් කියල හිතුනා.කට්ටියම තේ එකක් එහෙම බීලා කලපුව පැත්තට ඇවිදගෙන ගියා.
පානම කලපුව

එතන මාර ලස්සන තැනක්.වටේටම පොඩි පොඩි ගල් කඳු නිසා නාන්නේ මුහුදක කියල හිතුනෙම නෑ.කලනට ගෙදරින් නාන්න එපා කියල තිබුණු නිසා ගොඩ ඉදන් තමයි නෑවෙ.අපි 7.00 විතර වෙනකන්ම නාලා රෑටත් කාලා මුහුදු සුළං වැදි වැදි නිදා ගත්තා.මොකද අපිට උදේම ලොකු ගමනක් යන්න තිබුණු නිසා.

උදේම යන්න හිතාගෙන හිටියේ ඔකඳ beach එකට.එතන ඒ මාමගේ මාළු වාඩියක් තිබුනා.ඔකඳට යන පාර වැටිලා තිබුනේ කුඩුම්බිගල-පානම වන රක්‍ෂිතය හරහා.මේ ගමනට අපේ වාහනය උනේ මාමගේ ලොකු ට්‍රැක්ටර් ඒක.කවදාවත් ට්‍රැක්ටර් එකක මේ වගේ ගමනක් ගිහින් තිබුණු නැති අපේ සෙට් එකට අලුත්ම අද්දැකීමක් උනා.අතරමග තිබුණු දේවාලයටත් ගිහින් සාමාන්‍යයෙන් වනය හරහා ගමන ආරම්භ පිරිස් කරන පිළිවෙත් අනුගමනය කරන්නත් අපි අමතක කලේ නෑ.





මග දිගට අලි හොයා හොයා යන ඒක තමයි කට්ටියගේ වැඩේ.එත් ඔකඳට යනකන්ම දැක්කේ එකෙක් විතරයි.ඔකඳ මුහුදු වෙරල දැක්කම නාන්නම හිතෙනවා.එත් එදා නෑවේ ,අපි 3 ක් විතරයි.

ඔකඳ වෙරළ
අනිත් අය ඇවිද ඇවිද හිටියා.අපේ අවාසනාවට, ඇවිදපු සෙට්එක දැකපු කැස්බෑවා දැකගන්න අපට බැරි උනා.අපි ඉතින් මාළු අල්ලන් එන බෝට්ටුවකටත් ගොඩට අදින්න උදවු වෙලා ගොඩට ආවා.

කැස්බෑවා













                                   එනගමන් හිඳුනු වැවක තනි අලියෙක් ඉන්නවා දැකපු කට්ටියගේ ඉහේ මලක් පිපුන වගේ.ට්‍රැක්ටරෙන් ලගටම ගිහිල්ල ඇතිවෙනකන්ම බැලුවා.තව..කුඩුම්බිගල ආරණ්‍යටත් ගියා.ආයෙත් ගෙදරට ගිහින් දවල්ට කාලා වැව බලන්න පිටත් උනා.ඒ වැවේ කිඹුල්ලු සෑහෙන ඉන්නවා කියල අපි අහල තිබුනේ.ඇත්තටම අපි සෑහෙන ගානක් එහෙදි දැක ගත්තා.කතාවට කියන්නේ වැවට බැස්සොත් කිඹුල්ලු පෑගෙනවා කියලා.එත් උන් මිනිස්සුන්ට බය නිසා හපන්නේ නැතිලු.වැව ලඟ ඉඳල එනකොට ටිකක් හවස් උනා.එත් කලපුවට ගිහින් නාන්න අමතක කලේ නෑ.කාත් කව්රුවත් නැති තැනක ගොම්මන් වෙලාවේ කළපුවක නානවා කියන්නේ එහෙම කරලම ගන්න ඕන අද්දැකීමක්.එක විස්තර කරන්න අමාරු දෙයක්.

එතන ඉදන් මාමලගේ ගෙදරට යන්න තිබුනේ වැලි වැටි අතරින් .ආපු පාර හොයාගන බැරුව මාර දුකක් වින්දේ.කොහොම හරි පාර වැරදි වැරදි ගිහින් ගෙදරටම ගියා.ඊලග දවසේ උදේම කතරගම යන්න හිතාගෙන හිටිය නිසා කලින්ම කාලා නිදා ගත්තා.

උදේ 11 ට තමා පොතුවිල් වලින් කතරගමට බස් එක .එත් ආරුගම්බේ ගිහින් නාන්නත් අමතක කලේ නෑ.මගේ නම් දවස් දෙක පුරාම වැඩසටහන උනේ නාන එක තමයි.පොතුවිල් ඉදලා ගියපු බස් එකත් පැය 3කින් කතරගමට ගියා.කතරගම ඉඳල කරපුවා ඊළඟ ලිපියෙන් කියවමු..

පානම ගියපු සෙට් එක
 -----------------------------------------------------------------------------------------------------------

තනි අලියා
කුඩුම්බිගලදී
කුඩුම්බිගල දාගැබ

ඔකඳ දී

ආරුගම්බේ


කතරගමට බස් ඒකෙන්

(කතරගමින්  යාලට .....ඊලග ලිපියෙන්,)

No comments:

Post a Comment