Sunday, March 4, 2012

රත්නපුර-පලාබද්දල මාර්ගයෙන් සීරිපාදයට

                                       නෙතදර 2011 ඡායාරූප ප්‍රදර්ශනය විශ්ව විද්‍යාලයේ සංවිධානය කලේ පෙබරවාරි 27,28 දවස් දෙකේදී .29 වෙනිදා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය ආරම්භ වන බවට කසු කුසුවක් ඒ දවස වලම තිබුනා.එහෙම පටන් ගත්තොත් එදාම රෑ සිරිපා කරුණා කරන්න යන්න  අපේ බෝඩිමේ කස්ටිය සෙට් වෙලා හිටියේ .කොහොම හරි ඔන්න 29 ස්ට්‍රයික් .ප්‍රදර්ශනය ඉවර කරල අපි ගමන යන්න සුදානම් උනා.මෙදා ගමනට සෙට් උනේ අපේ 6 දෙනයි.අජිත්,කලන,වාසල,ප්‍රමෝද්,දිනුක ,මම(අකිල).අපි මුලින්ම හිතුවේ හැටන් පැත්තෙන් ගිහින් එන්න.එත් වෙනසකටත් එක්ක දීර්ඝ මාර්ගයක් වුනු රත්නපුර පලාබද්දල මාර්ගයෙන් සිරිපා කරුණා කරලා හැටන් පැත්තෙන් බහින්න තමා පස්සේ තීර්ණය කලේ.

කට්ටියම රෑ 12.30 වෙනකන් ෆිල්ම් එකකුත් බලල බඩු ටික සුදානම්  කර ගත්තා.බෝඩිමෙන් යනකොට උදේ 1.00 විතර ඇති.කොටුවට යනකොට 2.30 විතර උනා.රත්නපුර බස් එකට නැගල අපි ෆුල් නින්දක් දැම්මා. රත්නපුර යනකොට උදේ 5.00 පහු වෙලා .සිරිපාගමට බස් එකෙන් ගිහින් බහිනකොට උදේ 7.30 යි.එතන කඩේකින් අපි උදේට කෑවා.අපි ගමන ආරම්භ කලේ 8.00 ට විතර.පඩි 1000,2000 ඉහලට යනකොට හිතට මාර හැගීමක් අවේ.මුලින්ම අපට හමු උනේ ළිහිණි හෙළ.

                          ළිහිණි අක්කට කතා කරලා යන්න අපේ අය අමතක කලේ නෑ.හදිස්සියක් නැති නිසාම අවට පරිසරයේ සුන්දරත්වය විදින්න අපිට පුළුවන් උනා.ගෙත්තම් පානට යනකොට 11.00 විතර ඇති.එතන ගගෙන් එන වතුරෙන් පැයක් විතර අපි හිතේ හැටියට නා ගත්තා.ඇගට ඉදිකටු අනින්න වගේ සිතල උනාට නාලා ඉවර උනාම මහන්සිය කොහේ ගියාද නෑ.මෙතැනදී අපට මොරටුවේ අංකල් කෙනෙක් සෙට් උනා.එයා 27 වෙනි වතාවට තමා කරුණා කරන්නේ.එයා අපිට වඩා කොච්චර තරුණද කියල තේරුණේ උඩට නගින කොට.අපේ වාසලයි ,අජිතුයි විතරයි එයාගේ වේගෙන් යන්න පුළුවන් අයට හිටියේ.






හැරමිටි පානේදී කස්ටිය තේ බොන්න නැවතුනා.මම කුරුල්ලෙක් පස්සේ ගිය නිසා තේ බොන්නවත් බැරි උනා.(පස්සේ දැනගත්තේ,ඌ  celon yellow-eared bulbul කියල,පස්සේ සිරිපාදේ පුරාම උන් දැක්කම තේ නොබිව්ව එක අපරාදේ කියල හිතුනා).

මළුවේ ඉදල බහින නඩ අපිට තුන්සරණේ කවි කිව්වත් අපේ කවියක් කියන්න හිටියේ දිනුක විතරයි.හුගක් වෙලාවට අපිට අක්කල කිව්වේ"ලැජ්ජා වෙච්ච මේ මල්ලිට ........."කියල කවි තමා.එතකොට පොලව පලාගෙන යන්න හිතුනත් ආපු උස මතක් වෙන කොට වැඩේ අතැරලා දැම්මා.
මහගිරිදඹ ලග කඩේකදී අපි  සැර වැස්සකට කොටු උනා.ඊට කිලින් දවසේ වැස්ස රෑ වෙනකන්ම තිබුන කියල මගදී හම්බ උනු පොලිස් මාමා කෙනෙක් කිව්ව නිසා අපිත් හිතුව වැඩේ හරි කියල.එත් මේ වැස්ස පැය භාගයක් වත් වැස්සේ නෑ.දැන් මළුවට හුගක් කිට්ටුයි.මටයි,කලනටයි හුගක් අමාරුයි.

එත් කට්ටියම එක්ක මළුවට නගින කොට හවස 2.30 විතර උනා.හිතට ඇති වුන සතුට කියාගන්න බෑ.අපි මේ අවුරුද්දට කරපු වටිනම වැඩේ කියල හිතුනා.එතැනදී අපි පොඩ්ඩක් පිරිසිදු වෙලා සිරිපා පතුල වැන්දා.නැවතුම්පලේ ටික වෙලාවක් නැවතිලා ,දවල්ටත් කාලා හවස 4.30 ට විතර හැටන් පැත්තෙන් බහින්න පටන් ගත්තා.යන ගමන් සීත ගගුලෙන් නාන්න හිතා ගෙන මමයි අජිතුයි ඉක්මනට බැස්සා.ඉතින් වැඩිය වටපිට බලන්න උනේ නම් නෑ.
එත් දැකපු දේවල් අතර කලකිරෙන දේවල් දැක්කේ හැටන් පාරේදී තමා.මාර්ගයේ හැම තැනම පොලිතින් උර ප්ලාස්ටික් බෝතල් පිරිලා.පියසටහන හැර රැගෙන යන මොනවත් සිරිපා  අරණේ නොතබා පැමිණෙන්න කියල කියන කතාව කොච්චර වටිනවද කියල අපිට තේරුනේ එදා.නාන්න ආවට මොකද නාන ඇදුම් ප්‍රමෝද් ලග තියලානේ අජිත් ඇවිල්ල තියෙන්නේ.අනිත් සෙට් එකත් එනකන් එතන ඉදල අපි බහින්න පටන් ගත්තා.නල්ලතන්නියට යන කොට 7.30 යි.හැටන් බස එක පිටත් වෙන්නේ 9.30 ට.කෝච්චිය 12.00ට.වෙලාව ගොඩක් ඉතුරුයි.එත් වෙන වැඩක් කරන්න ෆිට් එකක් නෑ.එතන තිබුණු ලංගම ඩිපෝවේ කෑම කඩේ අයියත් එක්ක කදයක් ගහගෙන ඉදල බස් එකේ නිදා ගන්න ගියා.ඇහැරුනේ හැටන් වලදී.කෝච්චියෙන් කොටුවට එනකොට උදේ 6.00 යි.එතකොට අපිට ආරංචි වෙලා තිබුනේ ස්ට්‍රයික් එක 10.00ට  ඉවරයි කියල.අවුලක් නෑ.බෝඩිමට ගිහින් ඒ ටිකත් නිදා ගෙන හවස "මාර ෆිට් එකේ "ලෙක්චර්ස් ගියා.
                                           
















අපට හමුවූ තවත් විශේෂ තැන්,

                      

                                        
              
                           

4 comments:

  1. නියම්යි මල්ලි.....
    ආස හිතෙන විදියට ලියල තියනව.....
    දිගටම වේඩේ කරගෙන යන්න....

    ReplyDelete
    Replies
    1. අනිවා දිගටම කරගෙන යන්නවා අය්යේ.අය්යලගෙ බ්ලොග් බලල තමයි idea එකත ගත්තේ.

      Delete
  2. නියමයි මල්ලි campus එකෙන් out වුනාට පස්සේත් මේක බල බලා ඔයාලට සතු‍ටු වෙන්න පුලුවන්......
    ඔයගොල්ලෝ පසු කරන් ගිය තැන් වල නම් බොහෝදෙනෙක් දන්නැති නිසා මම සටහන් කරන්නම්
    රත්නපුර -> මල්වල -> ගිලීමලේ -> කාර්ණිය -> පළාබත්ගල(සිරිපාගම) -> පවනැල්ල -> දොරලකඩේ -> කොකටියකඳ -> ලිහිණිහෙළ -> ක‍ටුකිතුල වංගුව -> ගෝණතල්ල -> ගැටනි‍ටුල -> කොඩියහෙළ -> ධර්මරාජගල -> ගල්පොත්ත කඩේ -> සෙවලගල -> සීත ගඟුල -> හීන් ගඟුල -> හැරමිටිපාණ -> මැහැල්ල මල කඳුල -> ආඬියාමල තැන්න -> ඇහැල කණුව -> අහස්ගව්ව -> මහගිරිදඹ -> මළුව

    ReplyDelete
  3. ගියාට මොකද මෙච්චර තැන් පහුකලා කියලා මතයකයක්වත් නෑ.thanks සුපුන් අය්යේ,..

    ReplyDelete